2015 සැප්. 23 වැනි දින පැවැත්වූ සුමදුර ධර්ම දේශනාවේදි පින්වත් කළණ මිතුරු මිතුරියන් දෙදෙනෙකුගේ පූර්ණ දායකත්වයෙන් රු 25,000.00ක් වටිනා ධර්මාසන පූජාවක් සිදු කලා.
මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
මධුභාෂණි මහත්මිය හා රොෂාන් පෙරේරාමහතා රු 12500.00
සම්පත් මහතා……………………………………………….රු 12,500.00
———————————————————————-
මුලු වියදම……………………………………………………රු 25,000.00
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.
ධර්ම දේශනා කිරීම
ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
ධර්මය ඉගැන්වීම
පිරිස් වලට බණපොත් කියවීම
අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම