Skip to main content

නායයාම් වලින් අවතැන් වූ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ පරිත්‍යාග කල වගයි …

By June 10, 2016Uncategorized

අරණායක සාමසර කන්ද නාය යාම නිසා මෙන්ම රට පුරා සිදුවූ නායයාම් වලින් පීඩා වින්ද අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අපි පසුගිය  කාලයේ වැඩ ටහන් දෙකක් ක්‍රියාත්මක කලා. මෙවර අපි අරණායක අවතැන් වූ අසරණ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබාදීම සිදුකලා. මේ සදහා බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වගේම හිගුල රජමහා විහාරයීය ප්‍රජාසත්කාරක සේවයත් එක්ව කටයුතු සංවිධානය කලා. බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම විසින් රු100,000/- ක් ලබා දුන් අතර ඒ වෙනුවෙන් පහත සදහන් අය දායකත්වය ලබා දුන්නා.

මංගලිකා රූපසිංහ මෙනෙවිය රු 35,000/-
සංජය කොඩිප්පිලි ආරච්චි මහතා  රු 25,000/-
රොෂාන්ද අල්විස් මහතා රු 10,000/-
ලයනල් ගුණතිලක මහතා  රු  5,000/-
ශෝබිත මහතා ඇතුලූ පවුලේ සියලූ දෙනා රු  3,000/-
ගිහාන් ගමගේ මහතා රු  2,500/-
ගයාන් ගුණතිලක මහතා රු  2,000/-
පසුගිය වැඩසටහනේ ඉතිරි මුදල් රු 17,500/-
—————————————————-
මුලු එකතුව රු 100,000.00

හිගුල ප්‍රජා සත්කාරක වැඩසටහනින් ලද මුදල රු 40,300.00
——————————————————–
මුලු වියදම රු 140,300.00

මේ සියලු මුදල් සමග හිගුල රජමහා විහාරයීය ප්‍රජා සත්කාරක වැඩ සටහන සමග  එක්ව අද දින අරණායක හත්ගම්පොල  මහා විදුහලේ  ප්‍රජාසත්කාරක වැඩ සටහන පැවැත් වූවා …

මේ සදහා වැඩියෙන්ම වෙහෙස මහන්සි වූයේ  දුමින්ද ජයසේන මහතායි.

මින් අප ලබාදුන් රු ලක්ෂයට අදාලව බිල්පත් එතුමන් විසින් අපිට ලබාදී තිබෙන අතර ඒ සියල්ල මේ ලිපිය අවසානයේදී දක්වා ඇති.

අද දින මේ පරිත්‍යාගයන් සිදු කෙරුනේ හිගුල රජමහා විහාරයීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනන්. මේ සදහා  එම විහාරයේ ප්‍රජාසත්කාරක සේවයේ නියුතු දුමින්ද මහතා ඇතුලු පිරිස ලබාදුන් ඉහලම දායකත්වය අගයකටයුතුයි.  ලබාදුන් පොත්පත් ආදිය සමග සියලු විස්තර පහත සදහන් චායාරූප වලින් ඔබට නරඹන්නට පුලුවන් වේවි.

මේ පරිත්‍යාගයන් ලැබුවේ අපේම අසරණ දරුපැටවුන්. මේ චායාරූප දකින් ඔබට ඒ සියල්ල පැහැදිලිවෙයි. අනුන්ගේ දුකේදි පිහිටවෙන එක මහා බෝසත් පාරමිතාවක්. ඒ පාරමිතාව සම්පූර්ණ කරන්න අපිට සහය දැක්වූ අපේ හිත මිතුරු මිතුරියන් වගේම හිගුල රාජමහා විහාර ප්‍රජාසත්කාර කමිටුවටත් අපමණ පින් අත්වේවි.

මේ පින්කමට දායකත්වය ලබාදුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. ඔබ තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා..

සියලු චායා රූප නරඹන්න …

අරණායක පාසැල් පොත් ව්‍යාපෘතිය ...

අරණායක පාසැල් පොත් ව්‍යාපෘතිය – හිගුල විහාරස්ථානය සමගින් සිදුකල වගයි.