Skip to main content

දෙවන අභය දාන පින්කමද නිකිණි පොහොය දිනය වෙනුවෙන් සිදුකල වගයි …

By August 27, 2016Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් ශොබිත අයියා සමග පවුලේ සියලු දෙනා  මූල්‍ය පරිත්‍යාගයෙන් නිදහස් කරගත් කිරි අම්මා සහ සුදු පුතා බාරකරුවන්ට ලබාදෙන්නට පසුගිය නිකිණි පොහොය දින පරිත්‍යාග කලා. මේ සදහා ඉහලම මූල්‍ය දායකත්වය දරන ලද්දෙ පින්වත් ශෝබිත අයියා විසින්.

ශෝබිත වීරක්කොඩි මහතා රු 48,000.00
පදනමේ අරමුදලින්        රු   5000.00
—————————————
එකතුව                        රු 53,000.00

වියදම්
මරණයෙන් නිදහස් කිරීමට සිදුකල වියදම රු 46,000.00
ප්‍රවාහනය කිරීම                           රු 7,000.00
—————————————————-
මුලු වියදම                              රු 53,000.00

මේ පින්කම සිදුකල  පින්වත් ශෝබිත අයියා ඇතුලු පවුලේ සියලු දෙනටත් මේ වෙනුවෙන් දායක වූ සියලු දෙනාටම මේ පින් හිමි වේවා.

පංචශීල ප්‍රතිපදාවේ පළමු ශික්ෂා පදය වන පාණාතිපාතා වේරමණී ශික්ෂාවෙන් අදහස් කරන්නේ සත්ව හිංසනයෙන් පරපණ නැසීමෙන් වැළකීම යන්නයි. ලෝකයේ වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට පි‍්‍රය කරයි. අනතුරට, විපතට බිය වෙයි. නිරතුරුවම තම තමන්ගේ සුරක්ෂිත බව සඳහා කටයුතු කරයි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍යන ඝාතයේ

යනුවෙන් ධම්මපද පාලියෙහි දක්වන්නේ සියලු සත්වයින් දඬුවමට බිය නිසා තමා උපමාවට ගෙන අන් සතුන් මරණයට පත් නොකළ යුතු බවයි. අවිහිංසාවාදී නායකයාණෝ වූ අපගේ ශාස්තෘවරයාණෝ වූ බුදුරදුන් හිංසනය කිසිවිටෙක අගය කර නැත. තමන් භාවිත කරන වචනයෙන් පවා කිසිවෙකු වේදනාවට, අසහනයට පත් නොකළ යුතු බව උන්වහන්සේ ගිහි පැවිදි දෙපිරිසටම ප්‍රකාශ කර ඇත.

එසේම අන් සත්වයෙකුගේ යහපත සතුට උදෙසා දුකක් උහුලන්නට පුලුවන් යමෙකු සිටී නම් ඔහු උතුම් පුද්ගලයෙකි. බෝධිසත්ව උතුමන් සිරිසඟබෝ රජ දවස හිස දන් දුන්නේ තව කෙනෙකුගේ සතුටක් පිණිසයි. එසේම වෙස්සන්තර රජ දවස දරු දෙදෙනා දන්දෙන්නේ ලෝක සත්වයාටම විමුක්තිය පසක් කරදීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. යමෙකුගේ සැපය පිණිස දුකක් උහුලන්නට හැකි කෙනෙකුට සුගතියේ දොරකවුළු විවරවනු සැබෑවකි.

සත්වයින්ට හිංසා කරන, ප්‍රාණඝාත සිදුකරන පුද්ගලයාට ලැබෙන්නේ දුක්ඛ විපාකයන් පමණි. අඩු ආයුෂ ලබමින් උත්පත්ති ලබන්නේද ප්‍රාණඝාත සිදුකළ අයයි. සත්ව හිංසනයට යොමුවුවෙකු ඉන් මුදාගත හැකිනම එය උතුම් ක්‍රියාවක්ම වෙයි. නමුත් පර පණ නැසීමෙන් තම වෘත්තිමය ආර්ථිකය ශක්තිමත් කරගන්නා පුද්ගලයින් පාපයෙන් මුදවා ලීම අසිරුය. දෙව්රම් වෙහෙර ආසන්නයේම සිටි සතුන් ඝාතනය කරන්නෙකු වූ චුන්දසූකර ඉන් ඉවත්කරලීමට බුදුරදුන්ටද නොහැකි වූයේ ඔහුගේ කර්මශක්තියේ බලපැවැත්වීමෙනි. පාපයෙන්, නරකෙන්, මුදාගත හැකි අයෙක් ලොව කොහේ සිටියත් බුදුරදුන් ඔහු නපුරෙන් ඉවත්කරගත් බව සැබැවකි. ‘ අංගුලිමාල’ නම් දරුණූ භයානක පුද්ගලයා, දමනය කිරීම, ආලවක යක්ෂයා දමනය කිරීම, සුචිරෝම කරරෝම යන යකුන් දමනය කිරීමාදියෙන් එය කදිමට පසක් වෙයි.

බෝධි සත්වයෝ පෙර භවයක කුසගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කන්න හචන සිංහ ධේනුවකගේ කටට පනින්නේ අනුන්, කරන්න ගිය ප්‍රාණඝාතයකින් මුදාලනු පිණිසයි.

සතුන් මැරීමටත්, මස් අනුභව කිරීමටත් සමහරුන් දහසක් සාධාරණ කරණු ඉදිරිපත් කරයි.සැමදෙනා ප්‍රාණ ඝාතයෙන් ඉවත් ව සිටීම බෞද්ධ දර්ශනය තුළ උතුම් ක්‍රියාදාමයක් ලෙස සලකයි. සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමේ බරපතළ පාපකර්මයට බිය වන තමාගේත් අනුන්ගේත් ජීවිත සමාන ලෙස සලකන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්ය. එවන් පුද්ගලයින්ට ධර්මයම ආරක්ෂකයෙක් වනු නියතය. අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.

“අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ “

මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

 

  1.  උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම
  2. නිරෝගී සම්පත්තිය ලැබීම
  3. දීර්ඝායු සම්පත්තිය ලැබීම
  4. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
  5. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
  6. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම
  7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
  8. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
  9. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
  10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම

ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයි. පර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්, අනුන්ටත් සැලසෙන්නේ යහපතකි. එවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයි. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කම සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

 සියලු චායාරූප නරඹන්න

දෙවන ගව අභය දානමය පින්කම සිදුකිරීම

දෙවන ගව අභය දානමය පින්කම සිදුකිරීම නිකිණි පොහොය වෙනුවෙනි …

වීඩියෝ පටය නරඹන්න