Skip to main content

අපමණ කම්ක‍ටොලු මැද මහ වනයක ‍සෙ‍නෙසුන් පූජාවක් සිදුකල වගයි …

By February 24, 2016April 11th, 2016All Posts

හම්බන්තොට තණමල්විල ප්‍රදේශයේ උඩවලව රක්ෂිතයේ මහ ගණ කැලෑවේ අපි සේනාසන (කුටි) පූජාවක් සිදුකලේ පසුගිය ( 2016 ‍‍ෙපබ.) 19 ‍වෙනිදයි. මහ ගණ කැලෑවේ අලි තොටි වළසුන්, සතා සර්පයන්, වගේම මංමුලාවැල්, අන්දර වැනි ශාකයන් ගහනව තියෙනව. ඊට අමතරව ගංජා හේන් වවන්නන්ගේ තර්ජන, විශේෂ කාර්ය බලකායත් නිතර සැරිසරනව. වෙඩි පහරවල් බියකුත් නොතිබ්බ නො‍වෙයි. ඊට අමතරව ඉපැරණි රජවරු අටවපු ගල් උගුල්, වගේම වැසි සහිත කාළතුණය. පාරවල් මහ ගල් පතුරු උඩින් වැටිල තිබුන නිසා ට්‍රැක්ටරය දෙපාරක්ම අනතුරට ලක් උනා. ප්‍රධාන මාර්ගයේ ඉදන් කිලෝමීටර 2.5තක් විතර යන්න තියෙනව. කි‍ලෝ මීටරයක් විතර මහ ඝන කැලෑව.ට්‍රැක්ටරය ගියෙත් මගට. මීටර පන්සියයක් විතර කිලෝ විස්සක් විතර බර සිමෙන්ති ගල්, වතුර, වැලි, ශීට්, සිමෙන්ති කරෙන් අදින්න උනා. මේ වෙනුවෙන් ගමේ කිහිප දෙ‍නෙක්ම ‍වෙහෙසුනා. ප්‍රදේශයේ ඝන දෙවි කොවිලක් කරන වෛද්‍යතුමා ඇතුලු තරුණ පිරිස මහගු ‍සේවයක් ලබාදුන්නා. විශේෂයෙන්ම  සුපිරි රියදුරෙක් උන ට්‍රැක්ටරය ධාවනය කල මිත්‍රයා අපිට මහගු සහයක් ලබාදෙමින් මහ ඝන කැලෑවේ ටැක්ටරය රැගෙන ගිය නිසා අපිට කටයුතු කරගන්න වඩා පහසු උනා.

‍කොහොම නමුත් අ‍පේ නඩේ ඇත්තන්ටනම් අබමල් රේණුවක හානියක්වත් සිදු උනේ නැහැ

ස්වාමීන් වහන්‍සේට කුටියක් සමග නිදන ඇදන් ‍කොට්ට ‍මෙට්ටා අදියද, ජල ‍පෙරණයක් ( Water Filter ) වානේ කබඩ් එකක් වගේම,රු 10,000/- ක මුදල් පරිත්‍යාගයක්ද සිදු කලා.

‍මේ මහ පින්කමට පහත පින්වතුන් හා පින්වතියන් දායකත්වය ලබා දුන්න.

සේපාලිකා මෙනෙවිය රු 50,000/-
ජනක පී ලියනගේ මහතා රු 50,000/-
රූපසිංහ මෙනෙවිය රු 40,000/-
ගීත් මදුසංක මහතා රු 20,000/-
නුවන් කරුණාවර්ධන මහතා රු 10,500/-
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 10,000/-
තරුමිණි පෙරේරා මිය රු 6,000/-
රුවන් ජයසිංහ මහතා රු 5,000/-
සුමිත් සෙනෙවිරත්න මහතා රු 5,000/-
නෙව්ශිකා අක්කා රු 5,000/-
කැලූම් සම්පත් මහතා රු 5,000/-
ක්‍රීශාන්ත සමරවීර මහතා රු 3,000/-
හිරන්ත මදුසංක මහතා රු 3,000/-
ශෝභිත අල්විස් මහතා රු 3,000/-
රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා රු 3,000/-
තිළිණ විිජේවර්ධන මහතා  රු 2,500/-
රුවන් ධනුෂ්ක මහතා රු 2,000/-
දිනූෂා බණ්ඩාර මෙනෙවිය රු 2,000/-
ශෙහානි බොතේජු මෙනෙවිය රු 2,000/-
වයි. ගුණවර්ධන මහතා රු 3,000/-
චන්දන මහතා රු 2,000/-
දීප්තිකා ධර්මපාලමෙනෙවිය රු 2,000/-
මදුශාන් ආරියරත්න මහතා රු 2,000/-
රොෂාන් දිසානායක මහතා රු 2,000/-
යසිත බෝගමුව මහතා රු 2000/-
ශෙහානි බොතේජු මහත්මිය රු 1,500/-
මදුශාන් ආරියරත්න මහතා රු 1,500/-
හර්ෂණී ෆනෑන්ඩෝ මෙනෙවිය රු 1,500/-
හිරාන් මදුසංක මහතා රු 1,000/-
නම සදහන් නොකල රු 1,000/-
නාලක ඒකනායක මහතා රු 1,000/-
සමීර අබේවික්‍රම මහතා රු 1,000/-
තරිදු සේනාධීර මහතා රු 1,000/-
එස්. ගෝවින්ද මහතා රු 1,000/-
ප්‍රියංකා මෙනෙවිය රු   550/-
පී. දිසානායක මහතා රු 400/-
කලින් ව්‍යාපෘතියේ ඉතිරි රු 13,365/-

——————————–

එකතුව රු  264,815/-

 

වියදම්

දොරට සහ ජනේළයට රු 12,000/-
සියලු දෙනාටම ලබාදුන් මුදල රු 6000/-
ට්‍රැක්ටරය සදහා වියදම රු 1500/-
ස්වාමීන් වහන්‍සේට පරිත්‍යාග කලා රු 10,000/-
දින හයක් සදහා ආහාර හා අනිකුත් වියදම් රු 16500/-
සිමෙන්ති ආදිය ( බිල් අංත 1511 බලන්න) රු 4830/-
ග‍ඩොල් සදහා වියදම රු  13680/-
‍සෙවිලි තහඩු ආදිය සදහා රු 7103/-
ඇද,  කබඩ්, ජල පෙරණය ආදිය ( බිල් අංක 2744 ) රු 29870/-
බෙඩ් ශීට් රු 960/-
සරනේරු ආදිය සදහා රු 781/-
බට ආදිය සදහා රු 3512/-
කුරුණෑගල සිට හම්බන්තොට දක්වාත් දින හය සදහාත් ප්‍රවාහන වියදම රු 30,000/-

———————————————

මුලු වියදම රු 136669.00

ඉතිරි ප්‍රමාණය රු 264815.00 – 136669.00 = 128146.00

‍මෙතරම් මුදලක් ඉතිරි උනේ වැලි ගල් ආදිය නොමිලේ ලද නිසයි. ශ්‍රමය සහ බාස් කුලියක් අපිට තිබුනොනැහැ. හැමෝම පින් තකා වැඩ කලේ. අපේ නඩය 7 දෙ‍නෙක් ගියා. මම හැර අනෙක් සියලු දෙනාට රු 1000/- බැගින් රු 6000ත් ගබාදුන්නා. නිවෙස්වල දරුවන්ට යමක් රැගෙන යන ‍ලෙස. ඒ හැර සියලු විදම් අපිට ඉතුරුයි.

ඒ රු 128,664.00 අරමුදලට යොමු කෙරෙන අතර ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ට ත්‍යාග ප්‍රධානය, ආර්ථික අපහසුකම් ඇත්තන්ට අලුත් අවුරුදු වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රධානය සහ වෙසක් පොහොය ව්‍යාපෘති වෙනුවෙන් ඒ මුදල් යොමුවනු ඇති.

කුටි පූජාවේ ආනිසංස

නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය.අවසානයේ නිවන් සැපද ලැබුනාහ.(ආපදාන පාලිය – 499 වන ආපදානය)

  1. උතුම් වූ ශාන්ත නිර්වාණ සුවයට හේතුවේ.
  2. තව්තිසා දෙව්ලොව දෙව් විමන් පහල වේ.
  3. බිය, තැතිගැනීම, ලොමුදැහැගැන්වීම නැත්තෙක් වේ.
  4. සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාන්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.

මිතුරනි අද බොහො වෙහෙසකර දවසක්. ඉතින් වැඩිදුර ලියන්නට ‍නොහැකි නිසා කලින් පින්කමේ පින් දුන් ආකාරයටම පින් දෙන්නම්.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ  මගේ සියලු මිතුරු මිතුරියන්  ප්‍රධාන පවුල්වල සියලු දෙනාටත්  ස්වාමි පුරුෂයන්ටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මේ පින් බලයෙන් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

එ‍සේම ‍මේ පින්කමේ කුටිය ඉදිකිරීමේ සියලු වැඩ කටයුතු සිදුක‍ලේ නොමි‍ලේ. ඒ සදහා දායක වුන සියලු දෙනාටත්, රියදුරන්ටත්, ඒ පුදේශයේ ඝන දේවලායේ ‍වෛදය තුමා ඇතුලු න්න අයුරින් දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් මේ පින් හිමිවී මුලින් සදහන් කල අයුරින්ම ආහිර්වාදය ලැබේවා.

මෙපින් බ‍ලෙන් අපටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙවන් මහා පින්කම් කරන්නට ශක්තිය ලැබේවා. කෙළවර අප පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින ‍හේතුවාසනා වේවා …

චායා රූප

තණමල්විල කුටි පූජාව

උඩවලව රක්ෂිත‍යේ තණමල්විල කුටි පූජාව

වීඩිෙයාව නරඹන්න