Skip to main content

අනතුරකින් අතක් අහිමි වූ තරුණයෙක් වෙනුවෙන් රු. 100,000/=ක මුදලක් පරිත්‍යාග කල වගයි …

By May 22, 2014All Posts

තවත් ඉතාම වදගත් පින්කමකට මැදිහත් වෙන්න පුලුවන් උනා. ඒ අනතුරකින් අතක් අහිමි වෙච්ච තරුණයෙකුට මුදල් පරිත්‍යාගයක් කිරීම. මේ මුදල් පරිත්‍යාගය සිදුකලේ විදෙස් රටක සේවය කරන දිල්ෂාන් ප්‍රබෝධ පින්වත් සොහොයුරායි. තමන් දහදිය මහන්සියෙන් උපයන මුදල් මේවගේ පින්වැඩ වලට යොදවන අය හරිම අඩුයි. ඒත් පින්වත් දිල්ශාන් අයිය ඒ යුතුකම ඉටුකලා තමන්ගෙ රට වෙනුවෙන්. මේ පින්කමට සම්බන්ධ වීමට අපටත් අවස්ථාව ලැබුන. මේ රූපයේ දැක්වෙන්නේ මුදල් පරිත්‍යාග කරන්නේ හොදැල්ල ජයසුන්දරාරාම විහාරාදිපති පූජ්‍ය දලුපතේ ගෙදර මේධංකර හිමියන්. ඒ වගේම දිල්ශාන් අයිය නියෝජනය කරමින් පැමිනියේ ( වමේ සිට ) පල්ලේගම දම්මරතන හිමි, උරියාවේ සිරිනන්ද හිමි යන හිමිවරුන් දෙදෙනායි.
ඉතින් මේ පින්කම හරියටම කියනවනම් දාන උප පාරමිතාවනට සමානයි. මොකද අතක් කියන එක ගලවල දෙන්න බැහැනෙ. නමුත් අතක් වෙනුවෙන් ආධාර කලා කියන්නෙ අතක් දුන්න හා සමාන මහ පින්කමක්. අප මහා බෝසතාණන් වහන්සේද ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාග කරමින් සම්පූර්ණ කලේ මේ දාන පාරමිතාවයි. ඒ විතරක් නෙවෙයි ඔබ සිදුකරන මහ පින්කම් තවත් අප්‍රමාණයි. ඒවයින් ලැබෙන ආනිසංස ගණනය කරන්න බැරිතරම්. ( අර අපි ප්‍රතිසංසකරණය කරන චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙනුත් ආධාර කලේත් දිල්ශාන් අයියම තමයි.)
ඒ වගේම මේ පින්කම වෙනුවෙන් කැපඋන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුන් නමටත් මේ පින් ඒකාකාරවම හිමිවෙනව.

ඉතින් දයාබර දිල්ශාන් අයියේ ඔබ සිදුකල මේ පින්කමේ බලයෙන් ඔබට නිවන් දක්නා ජාති දක්වාම නිදුක් නිරෝගී ජීවිතයක් උරුම වේවා … ඔබ ලබා ඇති යස ඉසුරින් පිරි ජිවිතය තව තවත් වර්ධනය වේවා. කිසිදු කලක ශාරීරිකව හෝ මානසිකව පීඩාවක් ඇති නොවේවා. මේ පින්කමට අපවත් සම්බන්ධ කරගැනිම ඔබට මේ කුසලය මහත් ඵල මහානිසංස එකක් කරාවි.
එසේම ඔබවන් දරුවෙක් මෙලෙවට බිහිකල පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකරව ලැබේවා. ඔවුන්ටද සසර පුරාවටම නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් ලබේවා. ඔබ සියලු දෙනාමට දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේපින හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

.